PARLIAMENT

OF SRI LANKA

SinhalaSriLankaTamil-SriLanka

PROVISION OF TEA FERTILIZER SUBSIDY: DETAILS

1709/’17

 Hon. Vasudeva Nanayakkara,—To ask the Minister of Plantation Industries,—

(a) Will he inform this House—

(i) of the number of areas in Sri Lanka that have been provided the tea fertilizer subsidy;

(ii) whether the amount required to provide the tea fertilizer subsidy to all the tea smallholders in the island has been estimated; and

(iii) of the amount spent by the government on tea fertilizer subsidy in 2015 and 2016, separately?

(b) Will he also inform this House—

(i) of the number of tea smallholders in Ratnapura district who have been provided the tea fertilizer subsidy and the number who have not been provided it up to now, separately;

(ii) of the number of tea smallholders in Sri Lanka who are eligible to receive the tea fertilizer subsidy; and

(iii) of the number out of them who received the tea fertilizer subsidy in 2015 and 2016 separately?

(c) If not, why?

 

: Plantation Industries
: Hon. Vasudeva Nanayakkara
: United People's Freedom Alliance(UPFA)

(අ)          (i)       ඌව, නුවරඑළිය, මහනුවර, කෑගල්ල, කළුතර, රත්නපුරය, ගාල්ල සහ මාතර යන ප්‍රාදේශීය කාර්යාල බල ප්‍රදේශ 08ක් ඇතුළත.

              (ii)       හෙක්ටෙයාර 01 සහ 01ට අඩු කුඩා තේ ඉඩම් හිමියන් වෙත පොහොර සහනාධාරය ලබා දීමට අවශ්‍ය කරන මුදල ඇස්තමේන්තු කර ඇත.

             (iii)       2015 වර්ෂයේදී විවෘත වෙළෙඳපොළ තුළින් රජයේ සහනාධාරය සහිත පොහොර ලබා දීම සිදු විය.  එබැවින් එම කාලසීමාව තුළ වගාකරුවන් වෙළෙඳ පොළෙන් පොහොර මිල දී ගත් බැවින් පොහොර සහනාධාරය සඳහා වැය කර ඇති මුදල ගණනය කිරීම අපහසු වන අතර, එවැනි ගණනය කිරීමක් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මඟින් සිදු වී නොමැති අතර, පොහොර ලේකම් කාර්යාලයෙහිද එම දත්ත නොමැති බව දන්වා එවා ඇත.

වර්තමාන පොහොර සහනාධාර ක්‍රමය 2016 වර්ෂයේ සිට ක්‍රියාත්මක වූ අතර, 2016 වර්ෂය සඳහා රජය විසින් වැය කර ඇති මුදල රු.මි. 1273.997 ( එක්දහස් දෙසිය හැත්තෑතුනයි දශම නවයයි නවයයි හත)ක් වේ.

(ආ) (i) පොහොර සහනාධාරය ලබා දී ඇති කුඩා තේ වතු හිමියන් සංඛ්‍යාව 58,937 ( පණස්අටදහස් නවසිය තිස්හත)කි.

පොහොර සහනාධාරය මෙතෙක් ලබා දී නොමැති සංඛ්‍යාව 38,667 (තිස් අටදහස් හයසියහැටහත)ක් වේ.

       (ii)  2017 වර්ෂයේදී තේ පොහොර සහනාධාරය ලැබීමට සුදුසුකම් ඇති කුඩා තේ වතු හිමියන් සංඛ්‍යාව 367,000 (තුන්ලක්ෂ හැටහත්දහස)කි.

     (iii)   2015 වර්ෂයේදී විවෘත වෙළෙඳ පොළ තුළින් රජයේ සහනාධාර සහිත පොහොර ලබා දීම සිදු විය. එබැවින් එම කාලසීමාව තුළ වගාකරුවන් වෙළෙඳපොළෙන් පොහොර මිලදී ගත් බැවින් පොහොර සහනාධාරය ලැබූ සහනාධාරලාභීන් සංඛ්‍යාව ගණනය කිරීම අපහසු වන අතර, එවැනි ගණනය කිරීමක් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මඟින් සිදු වී නොමැති අතර, පොහොර ලේකම් කාර්යාලයෙහිද එම දත්ත නොමැති බව දන්වා එවා ඇත. 

2016 වර්ෂයේදී කුඩා තේ වතු හිමියන් 207,895 (දෙලක්ෂ හත්දහස් අටසිය අනූපහ)දෙනෙකු සඳහා පොහොර සහනාධාරය ගෙවා ඇත.

(ඇ) අදාළ නොවේ.

Parliament Calendar

download parliament mobile app

Mailing List Subscription

Copyright © The Parliament of Sri Lanka. All Rights Reserved.

Solution by: Lankacom